Pages

ප්‍රධාන පිටුව


අප සිත ලෝකයේ පැටලී තිබෙන අයුරු පුදුම සහගත ය. 

බුදු කෙනෙක් ලොව පහල නොවන්නට ඒ සිතේ පැටලිල්ල ලිහා ගැනීමට තබා, එය පැටලී තිබෙන බවවත් සොයා ගත නොහැක. 


අහෝ..! බුදු කෙනෙකු ගේ  ඥාණය නම් පුදුම සහගතය. 


ඒ උතුම් බුදු වදන් සෘජුව වටහා ගැනීමට පුහුදුන් අප අසමත් ය. 

තවමත් අප ලොකය හමුවේ මුලා වන්නේ එහෙයිනි.

 

නමුත්, ලොවින් වෙන් ව මහා ඝන වනාන්තර වල , ඇදහිය නොහැකි දිවි පෙවතින් කෙලෙස් තවමින් සසුන් සුරතල් පාන උතුම් යතිවරු තවමත්  ලොව වැඩ  වසති.ඒ උතුම් යති පුතුන් වහන්සේලා උතුම් බුදු වදන් ජීවිත වලට ගලපාගෙන වනයේ තනිව හැසිරෙන සිංහයන් මෙන් වැඩ සිටින අකාරය මහා ආශ්චර්ය සහගත ය.


 හුදකලාව අගයන උන්වහන්සේලා උතුම් දම් රස විඳිමින් ඝන කැලෑ මැදම ජීවිත අත් හරිති. කැලේ පිපුණ මල් කැලයටම පරවන විට එහි සුවඳ විඳීමට ලෝකයා අසමත් වන්නේය. එනිසාම එවන් කැලේ පිපුණු මලක සුවඳ ඔබට රස විඳින්නට අවස්ථාව සලසනු වස් ඈත ඉමක, මහා වනයක සසුන් කෙත සරු කරනු වස් ජීවිතය සසුනට පුද කර වන වැදී පිළිවෙත් පුරන සැබෑ බුදු පුතෙකුගේ නිකසල සිතින් ගලා බැසි අමා දම් වැසි ඔබ තෙමා සනසනු පිණිස පිංවත් ඔබ වෙනුවෙන් පුදන්නට මට සිත් විය.


ඔබේ සැනසීම රුචි කරන කළ්‍යාණ මිත්‍රයෙක්..




No comments:

Post a Comment